
කාන්තා ලෝක කුසලානයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව – ඉන්දියාව හමුවේ පසුබසී
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගය ඊයේ චමරි අතපත්තු ප්රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ හර්මන් ප්‍රීත් කෝර් ප්රමුඛ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර ඉන්දියාවේ ගුවහාටිහිදී පැවැත්වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.
තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා ඉනිමක් පන්දුවාර 47 කට සීමා වුණා.
ඉන්දීය කණ්ඩායමේ කඩුලු 6 ක් ලකුණු 124 ක් තුළ බිඳ දැමීමට ඉනෝකා රණවීර ප්රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සමත්වුණේ ඉන්දියව අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා වන බවට ඉඟි පළ කරමින්.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා දුර්වල පන්දු රැකීම් කිහිපයක් හමුවේ 7 වන කඩුල්ලට ලකුණු 103 ක විශිෂ්ට සබඳතාවක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායම ගෞරවාන්විත ලකුණු පුවරුවක් දක්වා රැගෙන යන්නට දීප්ති ෂර්මා සහ අමන්ජෝට් කෝර්ට හැකියාව ලැබුණා.
ඒ අනුව ඉන්දීය ක්‍රීඩිකාවන් පන්දුවාර 47 ක් තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 269 ක් රැස් කළා.
ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 47 ක් තුළ ලකුණු 271 ක අභියෝගාත්මක ඉල්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දුවාර 45 යි පන්දු 4 ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගැනීමට හැකිවුණේ ලකුණු 211 ක් පමණයි.
නායිකා චමරි අතපත්තු ලකුණු 43 ක් රැස් කළා.
පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ දීප්ති ෂර්මා ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 3 ක් බිඳ දැමුවා.
ඒ අනුව මෙම තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 59 ක ජයක් ඉන්දීය ක්‍රීඩිකාවන්ට හිමිවුණා.