කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරග විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක්

කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරග විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක්

හෙට (02) පැවැත්වෙන කාන්තා ලෝක කුසලන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට දී ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක් තරග විශ්චය සඳහා නම් කර තිබෙනවා.

මිචෙල් පෙරෙයිරා තීරක ලෙස නම් කර ඇති නිමාලි පෙරේරා නම් කර ඇත්තේ සිව්වන විනිසුරු ලෙසයි.

එමිරේට්ස් අයි.සී.සී. ජාත්‍යන්තර විනිසුරු මණ්ඩලයේ එලොයිස් ෂෙරිඩන් සහ ජැක්ලින් විලියම්ස් හෙට, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරඟයේ පිටියේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරනු ඇති.

මෙම තරගය නවි මුම්බායි හි ඩී.වයි. පටිල් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එහිදී දෙරට පළමු වරට ශූරයන් වීමට විශාල බලාපොරොත්තු රඳවාගෙන සිටිනවා.

අවසන් මහා තරගයේ තෙවන විනිසුරු ලෙස සූ රෙඩ්ෆර්න් කටයුතු කරනවා

නිමාලි පෙරේරා සිව්වන විනිසුරු වන අතර මිචෙල් පෙරෙයිරා තරඟ තීරක ලෙසත් කටයුතු කිරීමට නියමිතයි.

හෙට අවසන් තරගය දේශීය වේලාවෙන් පස්වරු 15 ට ආරම්භ වනු ඇති.

Share This