කාන්තා ලෝක කුසලාන නිලධාරිනියන් අතරට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්

කාන්තා ලෝක කුසලාන නිලධාරිනියන් අතරට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඔක්තෝම්බර් මසදී ආරම්භ වීමට නියමිත පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නම් කළ නිලධාරීන් අතරට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ඇතුළත්ව තිබෙනවා

ඒ අනුව තරග තීරකවරියක් ලෙස මි‍ෂෙල් පෙරේරා කටයුතු කරන අතර විනිසුරුවරියක් ලෙස නිමාලි පෙරේරායි නම්කර ඇත්තේ

9 වැනි වතාවටත් ක්‍රියාත්මක ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන රටවලින් තෝරා ගන්නා ලද නිලධාරීවරියන් 10 දෙනෙකුට මෙවර ලෝක කුසලාන තරගාවලියේ නිලධාරිනියන් ලෙස කටයුතු කිරීම සඳහා අවස්ථාව හිමි වනවා

කාන්තා 20යි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 3 වැනිදා සිට ඔක්තෝබර් 20 වැනිදා දක්වා පැවැත්වෙයි.

එමෙන්ම මිෂෙල් පෙරේරා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී තරග තීරකවරියක ලෙසින් කටයුතු කරනු ලබන දෙවැනි වතාව මෙය වනවා

Share This