කාබනික පොහොර වර්ගයක් නිසා අසනීප වූ ගොවියා

කාබනික පොහොර වර්ගයක් නිසා අසනීප වූ ගොවියා

කාබනික දියර පොහොර වර්ගයක් කුඹුරට ඉසීමෙන් අනතුරුව ඇතිවූ ආසාත්මිකතාව හේතුවෙන් පොලොන්නරුව  අරලගංවිල කන්දේගම ප‍්‍රදේශයේ ගොවි මහතෙකු ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පොලොන්නරුව මහ රෝහලට ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.

මේ පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා

පෙරේදා (14 දා) උදෑසන මෙම දියර පොහොර වර්ගය කුඹුරට ඉසීමෙන් අනතුරුව මෙම ආසාත්මිකතාව ඔහුට ඇතිව තිබෙනවා

වමනය ගොස් ක්ලාන්ත ගතියක් ඇතිවීම නිසා ඔහු  නිවසට පැමිණ නැති අතර ඊයේ (15) දරුවන් ඔහු සොයා යනවිට   කුඹුරේ පැලෙහි රෝගාතුරවී සිට ඇති බවයි වාර්තා වන්නේ .

පසුව දරුවන් විසින් ඔහුව  අරලගංවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා පොළොන්නරුව  මහ රෝහලට යවා තිබෙනවා

Share This