කාබුල් අගනුවර පිපිරීමෙන් 21ක් ජීවිතක්ෂයට (UPDATE)

කාබුල් අගනුවර පිපිරීමෙන් 21ක් ජීවිතක්ෂයට (UPDATE)

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර මුස්ලිම් දේවස්ථානයක සිදුවූ දැවැන්ත පිපිරීමෙන් මේ වනවිට 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා

තවත් 33 දෙනෙකු තුවාල ලබා ඇති බවත් එම තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් කිහිප දෙනෙකු සිටින බවත් එරට පොලිසිය සඳහන් කරනවා

………………………………………….

Aug 18, 2022 at 11:06

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර, පල්ලියක දැවැන්ත පිපිරීමක් (VIDEO )

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර මුස්ලිම් පල්ලියක දැවැන්ත පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මෙම පිපිරීම සවස යාඥාවන් අතරතුර සිදු වූවා යැයි සැලකෙන අතර, අවම වශයෙන් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

තලෙයිබාන් බුද්ධි අංශ නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පවසා තිබෙන්නේ පුද්ගලයන් 35 දෙනෙකු පමණ තුවාල ලබා හෝ මිය යන්නට ඇති බවයි

එමෙන්ම මෙම සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් එම නිලධාරියා සඳහන් කර තිබෙනවා .

 

Share This