කාබුල් ගුවන් තොටුපළේ සිදුවූ ප්‍රහාරය සැළසුම් කළ IS නායකයෙක් ඝාතනය කෙරේ

කාබුල් ගුවන් තොටුපළේ සිදුවූ ප්‍රහාරය සැළසුම් කළ IS නායකයෙක් ඝාතනය කෙරේ

2021 වසරේ කාබුල් ගුවන් තොටුපළේ සිදු වූ විනාශකාරී බෝම්බ ප්‍රහාරය සැළසුම් කළ බවට සැලකෙන ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායමේ නායකයාව ඇෆ්ගනිස්ථානයේ පාලක තලේබාන් සංවිධානය විසින් ඝාතනය කර ඇති බව එක්සත් ජනපද බලධාරීහු සඳහන් කර තිබෙනවා.

2021වසරේ අගෝස්තු මාසයේ සිදුවූ මෙම බෝම්බ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 170ක් සහ එක්සත් ජනපද සොල්දාදුවන් 13ක් මිය ගිය බවයි විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළේ.

ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායමේ නායකයාව සති කිහිපයකට පෙර මරා දැමූ නමුත් ඔහුගේ මරණය තහවුරු කිරීමට කාලය ගත වූ බවයි එක්සත් ජනපද නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායමේ නායකයා මරා දමා ඇති බව කියා සිටියත් ඔහුගේ නම පිළිබඳව ප්‍රකාශ කර නොමැති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Share This