කාලගුණයෙන් ධීවරයින්ට දැනුම්දීමක් (වීඩියෝ)

කාලගුණයෙන් ධීවරයින්ට දැනුම්දීමක් (වීඩියෝ)

බෙංගාල බොක්ක ආශ්‍රිතව හටගෙන ඇති අඩු පීඩන කලාපය නිසා ධීවරයින්ට නිකුත් කළ අනතුරු ඇඟවීම තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි දැක්වෙන්නේ නැවත දැනුම් දෙනතුරු ධීවරයින් නිරතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට නොයා යුතු බවයි.

බෙංගාල බොක්ක නිරිතදිග කොටසට වන්නට වර්ධනය වූ අඩුපීඩන කලාපය ලබන 21 වෙනිදා වනවිට සුළි කුණාටුවක් බවට පත්වී අන්දමන් දූපත් දෙසට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් නිරතදිග දෙසින් ධීවර කටයුතුවලට නොයන ලෙස ධීවරයින්ට උපදෙස් දුන්නේ ඊයේ (17) දිනයේදී.

අද (18) දිනට අදාළ කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ පුත්තලම සිට කොළඹ සහ හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

මේ අතර, ඊයේ දිවයින තුළ ද ප්‍රදේශ කිහිපයක තද වැසි ඇතිවුණා.

 

 

Share This