කාලගුණයෙන් ප්‍රභල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

කාලගුණයෙන් ප්‍රභල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු හා උතුරුමැද පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා ගිගුරුම් සහිත වැසි හා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සවස් භාගයේ ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත්, ඉහත ප්‍රදේශවල සිටින ජනතාවට සැලකිලිමත් වන ලෙසත් එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්,

Share This