කාශ්මීරය භයානක උවදුරක – දිනකට 150ත් 200ත් අතර ප්‍රමාණයක් රෝහල්ගත වීමේ අවදානමක් ?

කාශ්මීරය භයානක උවදුරක – දිනකට 150ත් 200ත් අතර ප්‍රමාණයක් රෝහල්ගත වීමේ අවදානමක් ?

කාශ්මීරයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමෙන් තරුණයින් රැසකගේ ජීවිත විනාශවෙමින් පවතින බවත් එය බරපතල ලෙස වැඩිවී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය භාවිතයේ ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බවයි එරට බලධාරීන් පවසන්නේ

ජම්මු සහ කාශ්මීරයේ මිලියනයකට ආසන්න ජනතාවක් ගංජා ඇතුළු යම් ආකාරයක මත්ද්‍රව්‍ය භාවිතා කරන බවත්,යම් ආකාරයක රෝගීන් වැඩිවීමක් තිබෙන බවත් වෛද්‍යවරු සඳහන් කර තිබෙනවා .

මානසික සෞඛ්‍ය හා ස්නායු විද්‍යා ආයතනයේ මනෝ වෛද්‍යවරයකු සහ මහාචාර්යවරයකු වන වෛද්‍ය යසීර් රාතර් පවසන්නේ පසුගිය කාලයේ දිනකට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 10-15ක් රෝහලෙන් දුටු නමුත් දැන් දිනකට රෝගීන් 150ත් -200ත් අතර ප්‍රමාණයක් දක්නට ලැබෙන බවයි

රැකියා හිඟය සහ ගැටුම් කලාපයක ජීවත් වීමෙන් පැන නගින මානසික සෞඛ්‍ය ගැටලු ඇතුළු කරුණු කිහිපයක් මෙයට හේතු සාධක වනු ඇති බවද ඔහු සඳහන් කරනවා

කාශ්මීරයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මුෂ්තාක් අහමඩ් රාතර් පවසන්නේ රජය මෙම ගැටලුවේ බරපතලකම තේරුම් ගෙන ඇති අතර එය විසඳීමට පියවර කිහිපයක් ගෙන ඇති බවයි.

එහෙත් විශේෂඥයින් පවසන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ඇතුළත් කර අඛණ්ඩව ප්‍රතිකාර ලබා ගත හැකි තවත් පුනරුත්ථාපන මධ්‍යස්ථානවල හදිසි අවශ්‍යතාවයක් පවතින බවයි.

Share This