කාසියේ වාසිය දිනූ ඉන්දීය ක්‍රීඩිකාවන් පළමුව පන්දුවට පහරදෙයි

කාසියේ වාසිය දිනූ ඉන්දීය ක්‍රීඩිකාවන් පළමුව පන්දුවට පහරදෙයි

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් අවසාන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

පන්දුවට පහර දෙමින් සිටින ඉන්දීය කණ්ඩායම මීට ටික වේලාවකට පෙර පන්දුවාර 4ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 16ක් ලබාගෙන සිටියා.

තරගය මෙරට වේලාවෙන් පෙරවරු 11.30ට චීනයේ හැන්ග්ෂු හිදී ආරම්භ වීමට නියමිතයි.

ඊයේ (24) පැවති දෙවන අවසන් පූර්ව තරගයෙන් පාකිස්ථාන කණ්ඩායම පරදා කඩුලු 06ක ජයක් හිමිකරගනිමින් රන් පදක්කම සඳහා වූ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වුණා.

Share This