කැනඩාවත් පලස්තීන රාජ්‍යකට කැමති වෙයි

කැනඩාවත් පලස්තීන රාජ්‍යකට කැමති වෙයි

සැප්තැම්බර් මාසයේදී පලස්තීන රාජ්‍යයක් පිළිගැනීමට කැනඩාව සැලසුම් කරන බවත්, මෑත දිනවල එවැනි නිවේදනයක් නිකුත් කළ තුන්වන G7 රට බවට පත්වන බවත් එරට අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි පැවසුවා.

කැනඩා අග්‍රාමාත්‍යවරයා පවසන්නේ හමාස් නොමැතිව ලබන වසරේ පලස්තීන අධිකාරිය මැතිවරණ පැවැත්වීම ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ මත මෙම පියවර රඳා පවතින බවයි.

සටන් විරාමයකට සහ අනෙකුත් කොන්දේසිවලට ඊශ්‍රායලය එකඟ නොවන්නේ නම් සැප්තැම්බර් මාසයේදී පලස්තීන රාජ්‍යයක් පිළිගන්නා බව එක්සත් රාජධානිය නිවේදනය කිරීමෙන් දිනකට පසුව කැනඩා අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය සිදුවීම කැපී පෙනෙනවා.

ප්‍රංශය ද ඒ හා සමාන සැලැස්මක් මීට සතියකට පෙර ප්‍රකාශයට පත් කළා.

ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය කැනඩාවේ නිවේදනය ප්‍රතික්ෂේප කළ අතර එය “හමාස් සඳහා උඩගෙඩි දීමක් ” ලෙසයි ඔවුන් හදුන්වන්නේ.

එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 න් 147 ක් – පලස්තීන රාජ්‍යයක් විධිමත් ලෙස පිළිගන්නා තත්ත්වයක් තුලයි කැනඩාව මෙම ප්‍රකාශය සිදුකරනුයේ.

Share This