කැනඩාවේ ගංවතුරට හසුව දින තුනක කාලයක් අතුරුදන්ව සිටි ළමුන් දෙදෙනෙකුගේ සිරුරු හමුවේ

කැනඩාවේ ගංවතුරට හසුව දින තුනක කාලයක් අතුරුදන්ව සිටි ළමුන් දෙදෙනෙකුගේ සිරුරු හමුවේ

කැනඩාවේ Nova Scotia ප්‍රාන්තයේ ඇති වූ දැඩි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් දින තුනක සිට අතුරුදන්ව සිටි ළමුන් දෙදෙනෙකුගේ සිරුරු එරට පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා

මෝටර් රථය ජලයෙන් යට වන අවස්ථාවේ මෙම ළමයින් තවත් තිදෙනෙකු සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

52 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ද බලධාරීන් විසින් සොයාගෙන ඇති අතර තවත් තරුණයෙකු අතුරුදන් වී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

52 හැවිරිදි පුද්ගලයා සහ තරුණයාද මෝටර් රථයක ගමන් කරමින් සිටියදී ගංවතුරට හසුව ඇති බවයි පැවසෙන්නේ

පාලම් 25කට බලපෑම් එල්ල වී ඇති අතර ගංවතුරෙන් පාලම් හයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවද සඳහන් වනවා

Share This