කැනඩාවේ පිහි ඇනුමකින් 10කට මරු කැඳවූ දෙවන සැකකරුත් මරුට

කැනඩාවේ පිහි ඇනුමකින් 10කට මරු කැඳවූ දෙවන සැකකරුත් මරුට

කැනඩාවේ සස්කැච්වන් ප්‍රදේශයේදී පිහි ඇනුම් සිදු කරමින් පුද්ගලයන් 10 දෙනෙකු ඝාතනය කළ සිදුවීමට අදාළ දෙවන සැකකරු වන මයිල්ස් සැන්ඩර්සන් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

32 හැවිරිදි මයිල්ස් සැන්ඩර්සන්ට හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගිය බවයි පැවසෙන්නේ

පසුගියදා සිදු කළ මෙම පිහි ඇනුමේදී තවත් 19 දෙනෙකුට තුවාල සිදු වුණා

මෙම පිහි ඇනුමට සම්බන්ධ අනෙක් පුද්ගලයාවූ මයිල්ස් සැන්ඩර්සන්ගේ සහෝදරයා වන ඩේමියන්ද කැපුම් තුවාල සහිතව මිය ගොස් සිටියදී පසුගියදා එරට පොලිසිය විසින් සොයා ගැනුණා

 

Share This