කැනඩාවේ ලැව්ගිනි තවදුරටත් – Yellowknife ප්‍රදේශයෙන් ඉවත්ව යාමට ජනතාව පැය ගණන් පෝලිම්වල

කැනඩාවේ ලැව්ගිනි තවදුරටත් – Yellowknife ප්‍රදේශයෙන් ඉවත්ව යාමට ජනතාව පැය ගණන් පෝලිම්වල

උතුරු කැනේඩියානු නගරයට ලැව් ගින්නක් පැතිරීමත් සමග Yellowknife ප්‍රදේශයේ පදිංචිකරුවන් ඉන් ඉවත්වීමට උත්සාහ කරමින් සිටියත් ගුවන් ගමන් සඳහා පැය ගණන් පෝලිම්වල රැඳී සිටීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ගුවන් ගමන් සඳහා පැය ගණන් පෝලිම්වල රැඳී සිටි පුද්ගලයින්ට අද (18) හෝ හෙට (19) දිනයේ නැවත උත්සාහ කරන ලෙසට නිලධාරීන් විසින් දැනුම් දී ඇති බවද සඳහන්

ප්‍රධාන ගුවන් සමාගම් දෙක ද ඉහළ යන ගුවන් ගාස්තු සහ ගාස්තු නැවත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ජනතාවගේ විවේචනවලට මුහුණ දී සිටින බවද පැවසෙනවා

ඊයේ (17) දිනය වන විට ගින්න Yellowknife සිට වයඹ දෙසින් කිලෝමීටර් 15ක් පමණ දුරකින් තිබූ අතර සෙනසුරාදා දිනය වන විට නගරයෙන් පිටත මායිමට ළඟා විය හැකි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර ඇති අතර වයඹ දිග ප්‍රදේශ හරහා ලැව්ගිනි 240ක් පැතිර යන බවද විදෙස් මාධ්‍ය පවසනවා

ජනතාවට Yellowknife ප්‍රදේශයෙන් පිටවීම සඳහා ගුවන් යානා 22 ක් සැලසුම් කර ඇති අතර පුද්ගලයින් 1,800 කට පමණ එම යානාවලින් යාමට හැකි බවද නිලධාරීන් පවසා තිබෙනවා.

එමෙන්ම 5,000 ක් පමණ පිරිසක් Yellowknife ප්‍රදේශයෙන් ගුවනින් පිටත් විය යුතු බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ

Share This