කැනඩාවේ සිටින තම පුරවැසියන්ට පරිස්සම්වන්නැයි ඉන්දියාවෙන් අනතුරු ඇඟවීමක්

කැනඩාවේ සිටින තම පුරවැසියන්ට පරිස්සම්වන්නැයි ඉන්දියාවෙන් අනතුරු ඇඟවීමක්

කැනඩාවට යන හෝ එහි වෙසෙන ඉන්දියානු පුරවැසියන්ට ඉතා ප්‍රවේසමෙන් කටයුතු කරන්නැයි ඉන්දියාව අනතුරු අඟවනවා

වැඩෙන ඉන්දියා විරෝධී ක්‍රියාකාරකම් සහ දේශපාලනිකව අනුමත කරන ලද වෛරී අපරාධ ප්‍රකාශ සහ කැනඩාවේ සාපරාධී ප්‍රචණ්ඩත්වය සැලකිල්ලට ගනිමින් මෙම උපදේශනය නිකුත් කළ බව ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශය සඳහන් කරනවා

මෙම ඉල්ලා සිටීම කර ඇත්තේ කැනඩාව ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන පවන් කුමාර් රායි නෙරපා හැරීමත් සමග බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ

කැනඩාවේ සික් නායක Hardeep Singh Nijjar ට වෙඩි තැබීමේ සිද්ධිය පිටුපස ඉන්දීය රජය සිටිය හැකි බව එරට අගමැති ජස්ටින් ටෘඩෝ ප්‍රකාශ කිරීමත් මෙයට බලපා තිබෙනවා

එමෙන්ම කැනඩාව පැවසුවේ, සීක් බෙදුම්වාදී නායකයෙකු ඝාතනය කිරීම හා ඉන්දීය රාජ්‍යය සම්බන්ධව පවතින විශ්වසනීය චෝදනා විමර්ශනය කරන බවයි.

ඉන්දියාව මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා

විශ්ලේෂකයින් පවසන්නේ මාස ගණනාවක් තිස්සේ පළුදු වූ රටවල් අතර සබඳතා මේ වන විට කිසිදා නැති තරම් පහත් මට්ටමක පවතින බවයි.

Share This