කැනඩාවේ Ottawa අවදානමකට පත් කළ ලැව්ගිනි

කැනඩාවේ Ottawa අවදානමකට පත් කළ ලැව්ගිනි

ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ Ottawa හි වාතයේ ගුණාත්මකභාවය යළි දැඩි අවදානම් තත්ත්වයකට පත්ව තිබෙනවා.

පවතින අවදානම් තත්ත්වය පාලනය කිරීම සඳහා එරට බලධාරීන් පියවර ගෙන ඇති අතර ඒ අනුව සැලසුම් කර තිබු උත්සව කිහිපයක්ම අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම Ottawa හි එළිමහන් ක්‍රියාකාරකම් සඳහා ද සීමාවන් පනවා තිබෙනවා.

තවදුරටත් Ottawa අවට ප්‍රදේශවල ලැව්ගිනි පවතින අතර වර්ෂාපතනය අඩු වීම සහ උෂ්ණත්වය ඉහළ යාම ලැව්ගිනි ව්‍යාප්තිය වේගවත් වීමට හේතු වී ඇති බව සඳහන්.

ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ වර්ග කිලෝමීටර් 74,000 ක පමණ භූමි ප්‍රමාණයක් දැනටමත් විනාශයට පත්ව තිබෙනවා.

ලැව්ගිනි තත්ත්වයන් මැඩපැවැත්වීම සඳහා 2000කට ආසන්න නිලධාරීන් පිරිසක් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This