කැනඩාව ඉන්දියාවෙන් රාජ්‍ය තාන්ත්‍රිකයින් 41 දෙනෙකු ඉවත් කර ගනියි

කැනඩාව ඉන්දියාවෙන් රාජ්‍ය තාන්ත්‍රිකයින් 41 දෙනෙකු ඉවත් කර ගනියි

කැනේඩියානු භූමියේදී සීක් බෙදුම්වාදී නායකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇති වූ විරසකයක් මධ්‍යයේ කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 41 දෙනෙකු පසුගියදා ඉන්දියාව හැර ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඉන්දියාව සති දෙකකට පෙර කැනඩාවේ රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලය දුසිම් ගණනක් ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා තිබෙනවා

කැනේඩියානු නිලධාරීන් මෙම සිදුවීම හැඳින්වූයේ “ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්” ලෙසිනුයි .

ජුනි 18 වන දින Hardeep Singh Nijjar ගේ ඝාතනය පිටුපස ඉන්දියාව සිටින බවට කැනඩාව චෝදනා කිරීමෙන් පසු සබඳතා බිඳ වැටීමකට ලක්වුණා .

ඉන්දියාව එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවද සඳහන්

කැනඩාවේ විදේශ ඇමතිනි මෙලනි ජොලි බොහෝ කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ඉන්දියාවේ සිටින ඔවුන්ගේ යැපෙන්නන් දැන් රට හැර ගොස් ඇති බව තහවුරු කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This