කැනඩාව ලිතියම් ගනුදෙනුවේ සිටි ආයතන තුනකට දොර වසයි

කැනඩාව ලිතියම් ගනුදෙනුවේ සිටි ආයතන තුනකට දොර වසයි

සිය රටේ ලිතියම් ගනුදෙනු 03 ක මෙහෙයුම් කටයුතුවලින් ඉවත් වන ලෙස කැනඩා රජය සමාගම් 03 කට දන්වා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

කැනඩාව එලෙස දොර වසා ඇත්තේ හොංකොං හා චෙන්දු පදනම් කර ගත් සමාගම් 03 කටයි.

ඒ, කැනඩාව සිය රටේ තීරණාත්මක ඛනිජ අංශයේ විදේශ ආයෝජන පිළිබඳ දැඩි නීති හඳුන්වා දීමෙන් දින කිහිපයකට පසුව වීම විශේෂත්වයක්.

එරට බුද්ධි අංශ විසින් ජාතික ආරක්ෂාව පදනම් කරගෙන විදේශීය සමාගම් පිළීබඳ සිදුකළ දැඩි පරීක්ෂාවකින් අනතුරුව අදාළ එම සමාගම්වලට ඉවත් වන ලෙස දැනුම් දුන් බව කැනඩාවේ කර්මාන්ත අමාත්‍ය Francois Philippe නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසනවා.

කැනඩාව සෘජු විදේශ ආයෝජන සාදරයෙන් පිළිගන්නා නමුත් දේශීය හා විදේශීය වශයෙන් ආරක්ෂාවට සහ තීරණාත්මක ඛනිජ සැපයුම් දාමයේ ආයෝජනවලට තර්ජනයක් එල්ල වන අවස්ථාවලදී තීරණාත්මකව කටයුතු කරන බව ද කැනඩාවේ කර්මාන්ත අමාත්‍යවරයා සිය නිවේදනය මගින් පවසා තිබෙනවා.

 

Share This