කැනඩා මහ කොමසාරිස් සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

කැනඩා මහ කොමසාරිස් සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

ධුර කාලය අවසන් කරන කැනඩා මහ කොමසාරිස්වරයා සහ අගමැතිනිය අතර හමුවක්.

ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් Eric Walsh මහතාීයේ(11) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මුණගැසුණා.

මෙම හමුවේ දී කැනඩාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව අගමැතිනිය වෙත මහකොමසාරිස්වරයා කරුණු පැහැදිලි කර තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා කැනඩා රජයේ අඛණ්ඩ සහය ලබාදෙන බවයි.

කැනඩා දූත පිරිසට ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ උපදේශක Gwen Temmel සහ මහකොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් Patrick Pickering යන මහත්ම මහත්මීන් එකව සිටියා.

 

Share This