කැන්ගරුවන්ට දැවැන්ත ජයක්

කැන්ගරුවන්ට දැවැන්ත ජයක්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 24වන තරගයෙන් ලකුණු 309ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.

ඒ නෙදර්ලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 399ක් රැස් කළා.

ඒ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් පමණක් දැවී සිටිය දීයි.

තරගය ජය ගැනීමට නම් ප්‍රතිවාදී නෙදර්ලන්ත කණ්ඩායමට ලකුණු 400ක ඉලක්කයක් හිමි වූ අතර පන්දුවාර 21ක් අවසානයේ ඔවුන්ගේ සියලු කඩුලු දවා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.

නෙදර්ලන්ත කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 90ක් පමණයි.

ඒ අනුව ප්‍රභල ඕස්ට්‍රේලියා කණ්ඩායම තරගය ලකුණු 309කින් ජය ගත්තා.

ලකුණු සටහන පහතින්.

 

Share This