කැමරූන් හි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 12ක් මරුට

කැමරූන් හි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 12ක් මරුට

මධ්‍යම අප්‍රිකාවේ ගිනියා බොක්කෙහි පිහිටි කැමරූන් ප්‍රදේශයේ විශාලතම නගරය වන ඩුවාලා හි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

සිව්මහල් ගොඩනැගිල්ල තුළ කොපමණ පිරිසක් සිටියාදැයි නොදන්නා නමුත් සුන්බුන් අතර සිරවී සිටින අය තවමත් සොයමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

කැමරූන් ගිනි නිවන හමුදාව, රතු කුරුස සංවිධානය සහ අනෙකුත් ගලවා ගැනීමේ සේවාවන්හි කණ්ඩායම් තවමත් එම ස්ථානයේ වැඩ කරමින් සිටින බවයි පැවසෙන්නේ

මේ අතර ප්‍රාදේශීය ආණ්ඩුකාර Samuel Dieudonné Ivaha Diboua තත්ත්වය පාලනය කර ඇති බවත්, සුන්බුන් යට කිසිවෙකු ඉතිරි නොවන බවට ගලවා ගැනීමේ කණ්ඩායම් වග බලා ගන්නා බවත් සඳහන් කර තිබෙනවා

 

Share This