කැල්සියම් කාබනේට් මෙරටදීම නිපදවයි

කැල්සියම් කාබනේට් මෙරටදීම නිපදවයි

තීන්ත , දත් බෙහෙත්, පිඟන් මැටි වෙල්ඩින් රොඩ්ස් වාහන සහ ගෘහ භාණ්ඩ සංයෝග, රබර් කර්මාන්තය සම් රෙදි කර්මාන්තය වැනි කර්මාන්ත සඳහා බහුලව භාවිත කෙරෙන කැල්සියම් කාබනේට් මෙරටදීම නිපදවීමට තීරණය කර තිබෙනවා.

මේ දක්වා කැල්සියම් කාබනේට් ආනයනය කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තාවන්නේ.

කෙසේවෙතත් බලන්ගොඩ කල්තොට කැල්සයිට් නිධියේ අඩංගු සම්පත් විධිමත් ලෙස භාවිතය සඳහා සියයට සියයක්ම රාජ්‍ය ආයතනයක් වන භූ විද්‍යා හා පතල් කැණීම් තාක්ෂණික උපදේශන සමගම වෙත පැවරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව බලන්ගොඩ කැල්සයිට් නිධියේ කැණීම් මගින් දැනට හාරා පසෙක ගොඩ ගසා ඇති ටොන් 20,000ක් පමණ වන කැල්සයිට් තොගය පළමුවෙන්ම පවුඩර්වලට හැරවීමට රුපියල් මිලියන 100ක වියදමින් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

Share This