කැලිෆෝනියාවේ ගිනි නිවන හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් තිදෙනෙක් මරුට (VIDEO)

කැලිෆෝනියාවේ ගිනි නිවන හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් තිදෙනෙක් මරුට (VIDEO)

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇතිවූ ගින්නක් නිවා දමන අතරතුර හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

රිවර්සයිඩ් ප්‍රාන්තයේ කැබසෝන් අසල ගින්නක් නිවා දැමීමට උත්සාහ කරමින් සිටි යානා දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ .

හෙලිකොප්ටර් දෙක එකිනෙක ගැටීමෙන් පසු ඉන් එකක් නිරුපද්‍රිතව ගොඩබස්වා ඇති අතර දෙවැන්න බිමට කඩා වැටීමෙන් පසු යානයේ සිටි සියල්ලෝම මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

අනතුර සම්බන්ධයෙන් එරට ජාතික ගමනාගමන ආරක්ෂක මණ්ඩලය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා

Share This