කිඹුල් ප්‍රහාරයකින් පුද්ගලයෙකු මිය යයි

කිඹුල් ප්‍රහාරයකින් පුද්ගලයෙකු මිය යයි

කතරගම, මැණික් ගඟේ දිය නාමින් සිටි පුද්ගලයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබෙනවා.

ඊයේ (06) උදෑසන කාලයේදී එම පුද්ගලයා මැණික් ගඟේ 02 පාලම ආසන්නයෙන් දිය නාමින් සිටි අවස්ථාවේ එම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේ.

අනතුරුව පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ හා වනජීවී නිලධාරීන්ගේ සහාය ඇතිව අදාළ පුද්ගලයාගේ මෘත දේහය සොයාගෙන තිබෙනවා.

කෙසේවෙතත් මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

ඔහු අවුරුදු 30ත් 35ත් අතර වයසේ පසුවන පුද්ගලයෙක් බවයි පොලීසිය පවසන්නේ.

Share This