
කියන තුරු මීමුරේ එන්න එපා! මහනුවර දිසාපති දැනුම් දෙයි
හුන්නස්ගිරිය මීමුරේ මාර්ගයේ 28 වන කිලෝ මීටරයේ ඇති කයිකාවල පාලමේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදුකරනු ලබන ප්‍රතිසංස්කරණ කටයුත්තක් අතර හදිසි ආපදා තත්වයක් ඇතිවීම නිසා එම පාලම හරහා වාහන ධාවනය කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඒ අනුව මහනුවර දිසාපතිවරයා දැනුම් දෙන්නේ මීමුරේ වෙත විනෝද සංචාර හා අනිකුත් අවශ්‍යතා සදහා නැවත දන්වන තුරු පැමිනීමෙන් වලකින ලෙසයි.