කියුබාවේ හවානා හි දැවැන්ත පිපිරීමකින් 22 ක් මරුට (VIDEO)
කියුබාවේ තරු පහේ හෝටලයක සිදුවූ දැවැන්ත පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයන් 22 දෙනෙකු මියගොස් 60කට වැඩි පිරිසක් රෝහල් ගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා
හවානාහි සරටෝගා හෝටලයේ පිටත නවතා තිබූ ගෑස් ටැංකියක් ගිනිගෙන පුපුරා යාමෙන් ගොඩනැගිල්ලේ තට්ටු කිහිපයක් විනාශ වී ඇතැයි සඳහන්
සුන්බුන් යට සිරවී සිටින පුද්ගලයන් සොයා සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පැවසෙන්නේ
මියගිය අය අතර ගැබිනි කාන්තාවක් සහ කුඩා දරුවෙකු ද සිටින බව කියුබානු ජනාධිපති කාර්යාලය සඳහන් කර තිබෙනවා
තුවාල ලැබූවන් අවට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර පිපිරීම ඇසින් දුටුවන් පවසා තිබෙන්නේ පිපිරීමත් සමඟ කළු දුමාරයක් සහ දූවිලි වලාකුළු අහසට නැගෙනු දුටු බවයි.
හෝටලයට පිටුපසින් කෙළින්ම පිහිටා ඇති පාසලකට කිසිදු බලපෑමක් සිදු නොවී ඇති අතර, එහි සියලුම දරුවන් ආරක්ෂිතව ඉවත් කර ඇති බව ප්‍රාදේශීය නිලධාරීන් තහවුරු කර තිබෙනවා
කියුබාවේ ජනාධිපති මිගෙල් ඩයස් කැනෙල් රජයේ පැරණි කොන්ග්රස් ගොඩනැගිල්ල ඉදිරිපිට පිහිටි හානියට පත් ස්ථානයට ගොස් ඇති අතර එය බෝම්බයක් හෝ ප්‍රහාරයක් නොවන බවත් අවාසනාවන්ත අනතුරක් බවත් සඳහන් කරනවා