කිරිඳි ඔයේ මහා පරිමාණයේ කුඹුක් දැව ජාවාරමක් පොලිසිය විසින් වටලයි

කිරිඳි ඔයේ මහා පරිමාණයේ කුඹුක් දැව ජාවාරමක් පොලිසිය විසින් වටලයි

කිරිඳි ඔයේ පරිසරය විනාශ කරමින් සිදුකරගෙන ගිය කුඹුක් දැව ජාවාරමක් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් වටලා තිබෙනවා.

කිරිදි ඔය රණ්දෙණිගොඩයාය ප්‍රදේශයේ සිදුකළ හදිසි වැටලීමකදී මෙම ජාවාරම හෙළිවී ඇති බව සඳහන්.

මෙහිදී ජාවාරම්කරුවන් විසින් විශාල ප්‍රමාණයේ කුඹුක් ගස් ගිනිතබා බිම හෙලා එම කුඹුක් දැව කුට්ටි කපා රැගෙන යාමට සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.

වැටලීම සිදු කරන අවස්ථාවේ දී සැකකරුවන් පලාගොස් ඇති අතර එම ස්ථානයේ කපා දමා තිබූ විශාල ප්‍රමාණයේ කුඹුක් දැව කැබලි රැසක් පොලිස් නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

එම දැවවල වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති අතර පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරන බව සඳහන්.

Share This