
කිරිබත්ගොඩ,දෙමටගොඩ සහ වව්නියාවෙන් ගිනි අවි එක්ක සැකපිට 04 ක් අල්ලලා
කිරිබත්ගොඩ පොලිසිය එම ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී ටී 56 වර්ගයේ ගිනි අවියක් පතොරම් 30 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ 36 හැවිරිදි වවිනියාව ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකරු ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී එලෙස අත්අඩංගුවට ගත් බවයි.
ඔහු එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධව කටයුතු කළේද යන්න පිළිබඳවද විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඊට අමතරව විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ ජීව උණ්ඩ 12 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
24 වන සහ 42 වන වියේ පසුවන අදාළ සැකකරුවන් දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.