කිරිවෙහෙර පුදබිමෙන් ආරම්භවූ “සියම් දහම් පාද යාත්‍රා 2025”

කිරිවෙහෙර පුදබිමෙන් ආරම්භවූ “සියම් දහම් පාද යාත්‍රා 2025”

ස්වර්ණ වර්ණ පොසොන් වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කරනු ලබන සියම් දහම් පාද යාත්‍රා 2025 වැඩසටහන පොසොන් පොහෝ දින කතරගම කිරිවෙහෙර පුදබිමෙන් ආරම්භ වින.

තායිලන්තයේ මහා චූලාලංකාර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වල්මෝරුවේ පියරතන නායක හිමියන්ගේ මෙහෙයවීමෙන් ආරම්භ වූ මෙම සුපේශල ශික්ෂාකාමී තායි භික්ෂූන් වහන්සේ ප්‍රතිපත්ති පූජා පෙරටුව සිදු කරන දහම් පාද යාත්‍රාව පුරා දින 25ක් ගමන් කර කැලණිය නාගානන්ද විශ්ව විද්‍යාල භූමියෙන් සමාප්ත වීමට නියමිතයි.

මෙහි සමාරම්භක උළෙල කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබොවක ධම්මින්ද නාහිමි,යුදඟනාව රජමහා විහාරාධිපති පූජ්‍ය ගල්ටැම්වත්තේ නන්දරතන නාහිමි ප්‍රමුඛව ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී නීතීඥ සුසාර දිනාල් මහතා, කතරගම බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර, සුවඳ industries ප්‍රධාන විධායක නිලධාරි අනුරාධ ඒකනායක සහ අශෝක මුතුමාල යන සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් සිදුවූණා.

පළමු පිණ්ඩපාත දානය පිළිගැන්වීමද ඔවුන් අතින් සිදුවින.

මෙම දහම් පාද චාරිකාව තිස්සමහාරාම,හම්බන්තොට,තංගල්ල,දික්වැල්ල,මාතර,ගාල්ල,අලුත්ගම ඔස්සේ ගමන් කර ලබන ජූලි මස 2 වන දින මානෙල් වත්ත නාගානන්ද විශ්වවිද්‍යාල භූමියෙන් අවසන් වීමට නියමිතයි.

Share This