කිලෝ ග්‍රෑම් 100කට අධික මත්කුඩු තොගයක් ගාලු වරායට

කිලෝ ග්‍රෑම් 100කට අධික මත්කුඩු තොගයක් ගාලු වරායට

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ බුද්ධඅංශ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව දකුණු මුහුදු තීරයේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී කිලෝ ග්‍රෑම් 100කට අධික හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය සමග යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එහිදී සැකකරුවන් 06 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්

අදාළ යාත්‍රාවේ බෑග් කිහිපයක අසුරා මත්ද්‍රව්‍ය තොගය වෙනම කුටියක සඟවා තිබූ බවයි විමර්ශන නිලධාරීන් සඳහන් කළේ

ඒ අනුව මත්ද්‍රව්‍ය සඟවා ඇති අදාළ කුටිය හෙට (15) පෙරවරුවේ ගාල්ල මහේස්ත්‍රාත්වරයා, රස පරීක්ෂකවරයා ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් ඉදිරියේ විවෘත කිරීමටයි නියමිතව ඇත්තේ

Share This