කිසිදු දිනෙක නිවාඩු නොලබා 74 වසරක් සේවය කළ කාන්තාවක් විශ්‍රාම යයි

කිසිදු දිනෙක නිවාඩු නොලබා 74 වසරක් සේවය කළ කාන්තාවක් විශ්‍රාම යයි

අමෙරිකාවේ වයස අවුරුදු 90ක කාන්තාවක් සිය 74 වසරක වෘත්තීය ජීවිතය තුළ කිසිදු දිනෙක නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඇය විශ්‍රාම ගන්නා අවස්ථාවේ මේ බව අනාවරණය වී ඇති අතර එරට දෙපාර්තමේන්තු වෙළඳසැලකයි ඇය සේවයේ නිරත වී ඇත්තේ.

ඒ අනුව කිසිදු දිනෙක අසනීප නිවාඩු හෝ සේවය මඟහැරීමේ සිද්ධීන් කිසිවක් ඇයගේ රාජකාරි කාලය තුළ වාර්තාවී නොමැති බව සඳහන්.

මෙල්බා මේබේන් නම් ඇය දෙපාර්තමේන්තු වෙළඳසැලේ සේවයට පැමිණ තිබුණේ 1949 වසරේදී යි

Share This