කුඩු බෙදූ තැනක් වටලයි
මොණරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වැල්ලවාය පරගස්මංකඩ ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී නිවසක පවත්වාගෙන ගිය හෙරොයින් බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වටලා එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැටලීම සිදු කරන අවස්ථාවේ දී අදාළ සැකකරු අලෙවි කිරීම සදහා හෙරොයින් පැකට් සූදානම් කර සිට ඇති අතර ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් තුනයි මිලිග්‍රෑම් එකසිය හතලිස් දෙකක් ද පොලිස් නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් විසින් එම නිවසේ සිට හෙරොයින් පැකට් කර ප්‍රදේශයේ පුරා බෙදා හැර ඇති අතර එම ස්ථානයේ තීබී ජංගම දුරකථන,හෙරොයින් බර කිරීම සදහා යොදාගන්නා ඉලොක්ට්රනික තරාදියක් සහ පැකට් සැදීම සදහා යොදාගන්නා ඊයම් කොළ තොගයක් ද පොලිස් නිලධාරීන් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරු තණමල්විල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 පුද්ගලයකු වන අතර සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.