
කුඩු වර්ගයක් ගසා කාන්තාවකගේ දෑස් අන්ධ කළ මංකොල්ලකරුවෙක් අත්අඩංගුවට
දිවා කාලයේ නිවසකට කඩා වැදුනු කොල්ලකරුවකු මුහුණට ඉසින ලද කිසියම් කුඩු වර්ගයක් හේතුවෙන් දෑස් පෙනීම අහිමි වී සිටින කාන්තාවක සම්බන්ධ පුවතක් ගල්නෑව පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ඉකුත් දිනෙක ගල්නෑව පොලිස් බල ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට පුද්ගලයකු දිවා කාලයේ කටයුතු කර තිබූණා.
කොල්ලකරු කටයුතු කර ඇත්තේ එම අවස්ථාවේ නිවසේ සිටි කාන්තාවගේ මුහුණට කිසියම් කුඩු වර්ගයක් ඉසිමින් නිවසේ තිබූ මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා පලා යාමටයි.
කොල්ලකරු එම අවස්ථාවේ නිවෙස් සිටි කාන්තාවගේ මුහුණට එල්ලකර තිබූ කිසියම් කුඩු වර්ගයක් හේතුවෙන් මේ වනවිට එම කාන්තාවගේ පෙනීම අහිමිව තිබනවා.
සිද්ධියෙන් පසු රෝහල්ගත කර ඇති ඇය දින කිහිපයක් පුරා අනුරාධපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා මේ වනවිට පසුවන්නේ නිවසේයි.
වෛද්‍යවරුන් පවසා ඇත්තේ සිද්ධියෙන් එම කාන්තාවගේ ඇස් වලට බරපතළ හානි සිදුව ඇති බවටයි.
රොහලේ නේවාසික ප්‍රතිකාරවලින් පසුව නිවසට පැමිණ සිටින ඇය තවදුරටත් සිය ඇස් දෙකෙහි පෙනුම නැවත ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් වැඩිදුරටත් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සිද්දිය වූ අවස්ථාවේදීම ඒ සම්බන්ධයෙන් ගල්නෑව පොලිස් ස්ථානයට පැමිණීලි කිරීමට එම නිවැසියන් කටයුතු කර තිබුණා.
ඒ අනුව ගල්නෑව පොලිසිය සිදුකළ විමර්ශණ අනුව සැකකරු හඳුනාගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.
පොලිසිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට පත් සැකකරු පහළ කලංකුට්ටිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු බවයි.
සැකකරු ගල්නෑව, තඹුත්තේගම, ඉපලෝගම ඇතුළු අවට පොලිස් බල ප්‍රදේශ කිහිපයක නිවාස හා වෙළඳසැල් ඇතුලු ස්ථාන රැසක කොල්ලකෑම් හා යතුරු පැදි සොරකම් ද සිදුකර ඇති බව අනාවරණය කර ගෙන තිබනවා.
අත්අඩංගුවටපත් එම සැකකරු සොරකම් කරන ලද යතුරු පැදියකින් ගොස් ඉකුත් දිනක ඉපලෝගම පොලිස් බල ප්‍රෙද්ශයේ පිහිටි වෙළද සැලකට ඉන්ධන ලබාගැනීමට කටයුතු කරන ආකාරයෙන් ගොස් එම වෙළදසැලේ සිටි ව්‍යාපාරික කාන්තාවගේ රන්මාලය ද කොල්ල කෑමට උපක්‍රමශීලීව උත්සහ කරන ආකාරය ද එම වෙළද සැලේ තිබූ ආරක්ෂීත කැමරාවක සටහන්ව තිබුණා.
ගල්නෑව හා අවට ප්‍රදේශවල දිවා රාත්‍රී සැරිසැරූ මෙම කොල්ලකරුගේ ක්‍රියාවන් හේතුවෙන් දින කිහිපයක් පුරා එම ප්‍රදේශවල ජනතාව දැඩි භීතියකට පත්ව සිටියා.
ගල්නෑව පොලිස් ස්ථානයේ ස්ථානාධීපතිවරයා හා අපරාධ අංශයේ ස්ථානාධීපතිවරයා ඇතුලු නිලධාරීන් පිරිසක් එක්ව මහත් පරිශ්‍රමයක් යොදා පහළ කලංකුට්ටිය ප්‍රදේශයේ දී එම සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබූණා.
එම අවස්ථාවේ සැකකරු සන්තයේ තිබී දේශීයව නිෂ්පාදනය කරන ලද අත් බෝම්බයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා විවිධ කොල්ලකෑම් සදහා යොදා ගත් සොරකම් කරන ලද යතුරු පැදියක් ද පොලිස් නිලධාරීන් විසින් සොයා ගෙන තිබුණා.
අත්අඩංගුවටපත් සැකකරු කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ ඔහු බන්ධනාගාර ගත කිරීමටයි.
