
කුඩු විකිනූ කතගේ සහ සමීපතමයින්ගේ ලක්ෂ 466 ක දේපළ රාජසන්තකයි
දැනට රක්ෂිත බන්ධනාගාරගතව පසුවන කාන්තවකගේ සහ ඇගේ සමීපතමයින්ට අයත් රුපියල් ලක්ෂ 466 ක් පමණ වටිනා දේපල තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන එකිී දේපල නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් තහනම් කිරීම සිදුකර ඇති බවයි.
ඒ අනුව අදාළ සැකකාරියට සහ ඇගේ සමීපතමයින්ට අයත් හික්කඩුව සුදුවැල්ල ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 240 ක් පමණ වටිනා දෙමහල් නිවසක් සහ පර්චස් 35කට ආසන්න භූමි භාගයක් සහ හික්කඩුව කලුපේ ප්‍රදේශයේ පිහිටි ලක්ෂ 40ක් පමණ වටිනා පර්චස් 20 ක ඉඩමක් එලෙස තහනම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
තවද රුපියල් ලක්ෂ 16ක පමණ වටිනා ත්‍රිරෝද රථයක් ලක්ෂ 50 ක් පමණ වටිනා ඉඩම් 3ක් මෙන්ම රුපියල් ලක්ෂ 103 ක් පමණ වටිනා මෝටර් රථයක් එලෙස නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් තහනම් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.