කුණු කූඩයට දමා ගොස් තිබූ බිළිඳා රැකගත් සුනඛයා

කුණු කූඩයට දමා ගොස් තිබූ බිළිඳා රැකගත් සුනඛයා

ලෙබනනයේ ට්‍රිපොලිහි වීදි හරහා කුණු මල්ලක දමා තිබූ අලුත උපන් ගැහැණු ළමයෙකු රැකගෙන සිටි සුනඛයෙකු සොයාගෙන තිබෙනවා.

බිළිඳා ලෙබනනයේ නාගරික ගොඩනැගිල්ලක පිටත දමා ගොස් තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දරුවෙකුගේ කෑගැසීමක් ඇසීමෙන් පසු සුනඛයා බෑගය රැගෙන යන ආකාරය දුටු මගියකු බෑගය ලබාගෙන එහි ඇතුළත සිටි බිළිඳා සොයා ගෙන තිබෙනවා.

බිළිඳාගේ සිරුර පුරා තැලීම් ඇති අතර  ඉස්ලාමීය පුණ්‍යායතන රෝහල වෙත ගෙන ගොස් ආරක්ෂක අංශ සහ අධිකරණ බලධාරීන් දැනුවත් කිරීමෙන් පසු බිළිඳාව ට්‍රිපොලිහි රජයේ රෝහල වෙත මාරු කර තිබෙනවා.

බිළිඳාගේ වයස පැය කිහිපයක් පමණක් වනවා.

බිළිඳා අතහැර ගිය අය සොයා ලෙබනනයේ පොලිසිය පරීක්‍ෂණ පවත්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This