කුඹුරක දමා ගිය දින කීපයක බිළිදියක පොලීසිය මැදිහත්ව රෝහලට බාර දෙයි

කුඹුරක දමා ගිය දින කීපයක බිළිදියක පොලීසිය මැදිහත්ව රෝහලට බාර දෙයි

මාවතගම පොලිස් බල ප්‍රදේශයේ පරගහදෙණිය, ජාකඩුව මාර්ගයේ කුඹුරු යායක් අසල දමා ගොස් තිබුණු දින කීපයක් වයසැති බිළිඳු දැරියක් අද (17) මාවතගම පොලීසිය සොයා ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ අද උදැසන ලැබුණු තොරතුරක් මත එම ස්ථානයට ගොස් දරුවා රැගෙන විත් කුරුණෑගල ශික්ෂණ රෝහලට භාර දුන් බවයි.

එම දරුවා විශේෂ ළදරු ප්‍රතිකාර ඒකකයේ සිටින ලබන බවත් දරුවා නිරෝගී සුවයෙන් සිටින බවත් කුරුණෑගල ශික්‍ෂණ රෝහල සදහන් කළා.

බිළිදිය අදාළ ස්ථානයේ දමා ගොස් ඇත්තේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවත් එම ස්ථානයට ආසන්න ස්ථානවල සී.සී.ටී.වී. කැමරා දර්ශන සෝදිසි කිරීම සදහා කටයුතු කරමින් සිටින බවත් පොලීසිය සදහන් කළා.

 

Share This