කුරානයේ පිටු පුළුස්සා ඇති බවට පවසමින් පාකිස්ථානයේ විරෝධතා(VIDEO)

කුරානයේ පිටු පුළුස්සා ඇති බවට පවසමින් පාකිස්ථානයේ විරෝධතා(VIDEO)

පුද්ගලයන් දෙදෙනකු විසින් අල් කුරානයේ පිටු පුළුස්සා ඇති බව පවසමින් පාකිස්ථානයේ නගරයක මුස්ලිම් ජාතිකයින් දහස් ගණනක් පල්ලිවලට ගිනි තබා ඇති අතර කිතුනුවන්ට අයත් නිවාසවලට හානි කර ඇතැයි එරට පොලිසිය පවසා තිබෙනවා

BBC පුවත් සේවය වාර්තා කරන්නේ නැගෙනහිර පන්ජාබ් ප්‍රාන්තයේ Jaranwala ප්‍රදේශයේදී මෙම ප්‍රහාර එල්ල වී තිබෙන බවයි

එරට පොලිසිය සඳහන් කරන්නේ අවම වශයෙන් ක්‍රිස්තියානි පල්ලි හතරක් ගිනි තබා ඇති බවයි

ක්‍රිස්තියානි පුද්ගලයන් දෙදෙනාට එරෙහිව නඩු පවරා ඇති බවද පොලිසිය පවසනවා

මේ අතර ලාහෝර් නගරයේ පාකිස්ථාන රදගුරු අසාද් මාෂල් පවසා තිබෙන්නේ මෙම සිදුවීම් නිසා ක්‍රිස්තියානි ප්‍රජාව දැඩි වේදනාවට සහ පීඩාවට පත්ව ඇති බවයි.

Share This