කුරානයේ පිටු පුළුස්සා දැමූ තවත් පුද්ගලයෙකු මරා දමයි
කුරානයේ පිටු පුළුස්සා දැමූ බවට චෝදනා කරමින් මැර පිරිසක් විසින් මධ්‍යම පාකිස්ථානයේ දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
පසුගිය සෙනසුරාදා සිදුවූ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් 80කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පාකිස්ථාන පොලිසිය සඳහන් කර ඇත්තේ.
පිරිසක් ඔහුව පැහැර ගැනීමට පෙර එම පුද්ගලයා පොලිස් අත්අඩංගුවේ පසුවූ බව ද වාර්තා වනවා.