කුරුණෑගල ව්‍යාපාරිකයා අභිරහස් ලෙස ජීප් රථය තුල පිළිස්සී මැරිලා

කුරුණෑගල ව්‍යාපාරිකයා අභිරහස් ලෙස ජීප් රථය තුල පිළිස්සී මැරිලා

මහව, දියබැටේ ප්‍රදේශයේ කැළෑබඳ ප්‍රදේශයක ජීප් රථයක් තුළ තිබී පිළිස්සුනු පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ හෝටල් ව්‍යාපාරිකයෙකු බවටයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

පසුගිය 25 වැනිදා කමල් සම්පත් නැමති 49 හැවිරිදි ව්‍යාපාරිකයා කොණ්ඩය කැපීමට යන බව පවසා නිවසින් පිටව ගොස් තිබෙනවා.

ඔහුගේ පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් බිරිඳ විසින් එදින රාත්‍රි 11ට පමණ මාවතගම පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා.

කෙසේ වෙතත් ඊයේ පස්වරු 1ට පමණ ප්‍රදේශවාසියෙකුගෙන් පොලිසියට ලද දුරකථන ඇමතුමක් අනුව මළසිරුරක් සහිත ජීප් රථයක් දියබැටේ, මහව, කට්ටඹුවාව, දියබැටේ රේල් පාර ආසන්නයේ ඇති මාර්ගයේ සිට මීටර් 500ක් පමණ දුරින් පිහිටි කැළෑබඳ ප්‍රදේශයක් තුළ තිබී සොයා ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ මියගොස් ඇති පුද්ගලයාගේ මුහුණ ප්‍රදේශය සහ උඩුකය ඇඳුමෙහි පිළිස්සීම් නිරීක්ෂණය වන බවත් වාහනය ගිනි ගැනීමට ලක්ව නොමැති බවටත් නිරීක්ෂණය වන බවයි.

මියගොස් ඇති මෙම පුද්ගලයා මිල්ලව ප්‍රදේශයේ හෝටලයක් පවත්වා ගෙන යන බවයි අප වාර්තාකරු පැවසුවේ.

කෙසේ වෙතත් මෙය ඝාතනයක්ද , සිය දිවි හානි කර ගැනීමක්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

Share This