
කුවේට් හිදී මියගිය ඉන්දියානුවන් 45 දෙනෙකුගේ සිරුරු රැගෙන එයි
කුවේටයේ ඇතිවූ ගින්නකින් මියගිය සේවකයින් 45 දෙනෙකුගේ සිරුරු ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් රැගෙනවිත් තිබෙනවා.
ඉන්දීය කම්කරුවන් 176 දෙනෙකු ජීවත් වූ මන්ගාෆ් නගරයේ නේවාසික ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකිනුයි මෙම පුද්ගලයින් මිය ගොස් තිබුණේ.
කුවේට් බලධාරීන් ප්‍රකාශ කළේ ගින්නෙන් පුද්ගලයන් 50 දෙනෙකු මිය ගිය අතර ඉන් 45 දෙනෙකු ඉන්දියාවෙන් සහ 3 පිලිපීනයෙන් පැමිණි බවයි
කෙසේ වෙතත්, මළ සිරුරු දෙකක් හඳුනාගෙන නොමැති බව සඳහන්.