කුසගින්නෙන් පෙළෙන මිනිසුන් සැපයුම් රැගෙන යන ලොරි නවතා ආහාර ආධාර ලබා ගනියි (VIDEO)

කුසගින්නෙන් පෙළෙන මිනිසුන් සැපයුම් රැගෙන යන ලොරි නවතා ආහාර ආධාර ලබා ගනියි (VIDEO)

ගාසා තීරයේ රෆා නගරය හරහා ආධාර රැගෙන යන වාහනවලට පහර දී අත්‍යවශ්‍ය සැපයුම් ලබා ගැනීමට ජනතාව උත්සාහ දරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

සමහර අය ආධාර රැගෙන යන ට්‍රක් රථවලට නගිමින් ඊට පිටුපසින් දුවගෙන එන අයට අත්‍යවශ්‍ය සැපයුම් වීසි කරන අයුරු දැක්වෙන වීඩියෝවක්ද සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා.

එමෙන්ම මිනිසුන් පාර මැද විසිරී තිබූ ආධාර පෙට්ටි ලබා ගැනීමට පොරකමින් සිටින අයුරුද දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන්නේ කුසගින්නෙන් පෙළෙන මිනිසුන් සැපයුම් රැගෙන යන ලොරි නවතා වහාම ආහාර ආධාර අනුභව කරන බවයි.

 

Share This