
කෘතහස්ත රාජ්‍ය පාලන නිලධාරියකු වූ බ්‍රැඩ්මන් වීරකෝන් දිවිසැරිය නිම කරයි
කෘතහස්ත රාජ්‍ය පාලන නිලධාරියකු ලෙස ප්‍රකට බ්‍රැඩ්මන් වීරකෝන් මහතා වසර 95 ක් ආයු වළදා ඊයේ (06) සැදෑභාගයේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
බ්‍රැඩ්මන් වීරකෝන් මහතා ශ්‍රී ලංකාවේ සිවිල් පරිපාලන සේවා ඉතිහාසයේ කැපී පෙනෙන චරිතයක්.
දේශමාන්‍ය රොබින් බ්‍රැඩ්මන් වීරකෝන් මහතා ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස, අඩ සියවසක කාලයක් පුරා කටයුතු කළ වෘත්තීය ජීවිතය තුළ මෙරට රාජ්‍ය නායකයින් නව දෙනෙකුට සේවය කිරීම කැපී පෙනෙනවා.
1930 සැප්තැම්බර් 27 වන දින උපත ලබා ඇති බ්‍රැඩ්මන් වීරකෝන් මහතා කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලයයේ මුලික අධ්‍යාපනය ලබා, ගුරුතලාවේ ශාන්ත තෝමස් විද්‍යාලයයේ දිවිතීය අධ්‍යාපනයෙන් පසු පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත්ව එම විශ්ව විද්‍යාලයයෙන් ආර්ථික විද්‍යාව සහ සමාජ විද්‍යා විෂයයන්ගෙන් ගෞරව උපාධියක් ලබා පසුව ‘ෆුල්බ්‍රයිට්’ (Fulbright) ශිෂ්‍යත්වයක් මගින් ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් විශ්ව විද්‍යාලයයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති (MA) උපාධිය ලබාගත්තා.
1954 වසරේදී ශ්‍රී ලංකා සිවිල් සේවයට බැදී ඇති ඔහු, දිවයිනේ ප්‍රදේශ කිහිපයකම සේවය කර සර් ජෝන් කොතලාවල අගමැති තුමාගේ ලේකම් වශයෙන් පත්වී 2002 වසර දක්වාම තේරී පත්වූ සියලුම අගමැතිවරුන් සහ ජනාධිපතිවරුන්ගේ ලේකම්වරයා වශයෙන් අද්විතීය සේවයක් කිරීම ක්ඓපී පෙනෙන්ව. (අගමැතිවරු හත් දෙනෙක් හා ජනාධිපතිවරු තුන් දෙනෙක් යටතේ ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබීය )
ඔහුගේ ‘Rendering Unto Caesar: A Fascinating Story of One Man’s Tenure under Nine Prime Ministers and Presidents of Sri Lanka’ නම් පොතෙහි රාජ්‍ය නායකයින් ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කළ කාලයේ සත්‍ය තොරතරු ඉතා රසවත් ලෙස පාඨකයා හමුවේ තැබීමට සමත් වුණා.
එසේම ‘Kalutara – An Odyssey’ නම් පොතේ කළුතර ප්‍රදේශයේ යටගියාව සහ නවීන සංවර්ධන ක්‍රියාදාමයන් පිළිබඳව අගනා විස්තරයක් සහිතයි.
අගමැතිවරු හත් දෙනෙක් හා ජනාධිපතිවරු තුන් දෙනෙක් යටතේ ලේකම්වරයා ලෙස කටයුතු කරන වකවානුවේ ඔහු ලැබූ අත්දැකීම් අළලා අරලිය ගහ මැදුරේ ස්පන්දනය නම් කෘතිය රචනා කර ඇත්තේ ඉතා රසවත් ලෙසින්.