කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ගෝලීය සමුළුවකට සහභාගීවීමට Elon Musk අපේක්ෂාවෙන්

කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ගෝලීය සමුළුවකට සහභාගීවීමට Elon Musk අපේක්ෂාවෙන්

Elon Musk මේ සතියේ එක්සත් රාජධානියේ පැවැත්වෙන කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ගෝලීය සමුළුවකට සහභාගී වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එළඹෙන බ්‍රහස්පතින්දා පැවැත්වෙන සමුළුවෙන් පසු තාක්ෂණික Elon Musk සමග සජීවී සම්මුඛ සාකච්ඡාවක්ද පවත්වන බවයි එක්සත් රාජධානියේ අගමැති රිෂි සුනක් සඳහන් කරන්නේ

Bletchley Park හි පැවැත්වෙන මෙම සමුළුවට කෘත්‍රිම බුද්ධියේ ඇති විය හැකි අවදානම් පිළිබඳව සාකච්ඡා කිරීමට AI විශේෂඥයින් සහ ගෝලීය නායකයින් එක් කර ගැනීමට බලාපොරොත්තු වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

එක්සත් ජනපද උප ජනාධිපති කමලා හැරිස් සහ යුරෝපීය කොමිසමේ සභාපති Ursula von der Leyen මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතයි .

 

Share This