
කෙටුම්පත සම්මතයි… අමෙරිකාවේ දීර්ඝතම රජයේ වසා දැමීම අවසන්…
අමෙරිකානු ඉතිහාසයේ දීර්ඝතම රජයේ වසා දැමීම, අවසන් කිරීමේ පනතට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා.
අත්‍යාවශ්‍ය අරමුදල් පනත් කෙටුම්පතක් සම්මත කරගැනීමට නොහැකි වීම හේතුවෙන් අමෙරිකානු ෆෙඩරල් රජය වසා දැමුවේ පසුගිය ඔක්තෝබර් මස පළමු වැනිදායි.
ඒ අනුව අත්‍යවශය සේවකයින් හැර අනෙක් සේවකයින් දහස් ගණනක් වැටුප් නොමැතිව සේවයේ යෙදවීමටත්, තවත් පිරිසක් අනිවාර්ය නිවාඩු යැවීමටත් තවත් පිරිසක් සේවයෙන් පහ කිරීමටත් අමෙරිකානු පරිපාලනය පියවර ගත්තා.
එලෙස අමෙරිකානු රජය වසා දමා දින 43ක් ගත වූ පසුබ්මක, පසුගිය සදුදා රජයේ වසා දැමීම අවසන් කර රජයට අරමුදල් සැපයීම සඳහා වන පනතක් සම්මත කරගැනීමට එක්සත් ජනපද සෙනෙට් සභාව සමත් වුණා.
ඊට පක්ෂව ඡන්ද 222ක් හිමි වූ අතර ඡන්දය ලබාදුන් පිරිස අතරට ඩිමොක්‍රටික් පාක්‍ෂිකයින් 6 දෙනෙකුද අයත්.
විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 209ක් පමණයි.
පනත් කෙටුම්පත අද ට්‍රම්ප් හමුවට ගෙන ඒමෙන් පසු ඔහුද ඊට අත්සන් තැබුවා.
එහිදී වසා දැමීමේ සටන සම්බන්ධයෙන් ට්‍රම්ප් ඩිමොක්‍රටික් පක්ෂයට දොස් පැවරුවේ මෙලෙසින්.
“ඩිමොක්‍රටික් පාක්ෂිකයින් එක්ව අමෙරිකානු රජය වසා දැමුවේ, අමෙරිකානු බදු ගෙවන්නන්ගෙන් ඩොලර් බිලියන සිය ගණනක කප්පම් ගැනීමේ අරමුණින්. රිපබ්ලිකානුවන්ට කවදාවත් වසා දැමීමක් අවශ්‍ය වුණේ නැහැ. එක් පාර්ශ්වයක් පනත් කෙටුම්පතකට අත්සන් නොතැබූ ඉතිහාසයක් මෙතෙක් තිබුණේ නැහැ. කොහොම වුණත් අමෙරිකානු ඉතිසාහයේ දීර්ඝතම වසා දැමීම සිදුකරන්න ඩිමොක්‍රටික්ස් පාර්ශ්වය කටයුතු කළා. ඒක කළේ තනිකරම දේශපාලන හේතුන් මත යි …”
