කෙනරක් පැටවකු බිහිකරන දුලභ දසුන දැක විදේශිකයින් පුදුම වේ (VIDEO)

කෙනරක් පැටවකු බිහිකරන දුලභ දසුන දැක විදේශිකයින් පුදුම වේ (VIDEO)

කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ අසිරිය විදීමට ගිය දෙස් විදෙස් සංචාරකයින් පිරිසකට ඊයේ දුර්ලබ දසුනක් දැකබලා ගැනීමේ අවස්ථාව උදාවුණා.

ඒ, කවුඩුල්ල වැව් පිටියේදී ගැබ්බර ඇතින්කක් පැටවෙකු බිහිකිරීමේ විරල සිදුවීමයි.

හෙක්ටයාර 6900 කින් පමණ සමන්විත වූ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කවුඩුල්ල ජාතික වනෝද්‍යානය දෙස් විදෙස් සංචාරකයින්ගේ නොමද ආකර්ශනය දිනාගත් ස්ථානයක් ලෙස සැලකෙනවා.

කවුඩුල්ල ජාතික වනෝද්‍යානය තුළ විවිධ සත්ත්ව විශේෂ දැකගත හැකි අතර, සංචාරකයින් බහුලව ප්‍රියකරන්නේ කවුඩුල්ල ජලාශයේ වැව් පිටියට දිනපතා පැමිණෙන වන අලින් දැක බලා ගැනීම සදහායි.

ඒ හේතුවෙන්ම කවුඩුල්ල ජාතික වනෝද්‍යානයට ඊයේ දිනයේ පිවිසි දෙස් විදෙස් සංචාරකයින් රැගත් විශාල රථ පෙළක් ද කවුඩුල්ල ජලාශය අසළට රොක්වුනේ වැව් පිටිය සරසන සන්ධත්තයින් දැක බලා ගැනීමේ අරමුණින්.

එලෙස රුස්වූ සංචාරකයින්ට තම ජීවිතයේ බොහෝ විට එක් වතාවක් පමණක් දැකගත හැකි දුර්ලභ දර්ශනයක් දැක බලා ගැනීමට හැකියාව ලැබුණා.

එම කෙනර පැටවා බිහිකිරීමට ආසන්න වෙත්ම අවට සිටින වන අලින් කෙනර වටා රොක්වන අයුරුද මෙහිදී දැකගත හැකිවුණා.

අලුත බිහිවූ අලි පැටවාවට කිසිවෙකුගෙන් හෝ හානියක් වේතැයි සිතා අසල සිටි තවත් සද්ධන්තයින් කිහිප දෙනෙකු මෙලෙස තර්ජනාන්විතව හැසිරෙනු දක්නට ලැබුනා.

Share This