කෙන්යාවේ පාසලක ගින්නකින් සිසුන් 17 දෙනෙකු මරුට
මධ්‍යම කෙන්යාවේ පාසලක ඇති වූ ගින්නකින් අවම වශයෙන් සිසුන් 17 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා
ගින්නෙන් තවත් බොහෝ පිරිසක් බරපතළ පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කර ඇති බැවින් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවටයි එම වාර්තාවල දැක්වෙන්නේ
එරට ජනාධිපති විලියම් රූටෝ ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර ඇති බව සඳහන්