කෙන්යාවේ පාසල් සිසුවියන් රැසක් හඳුනානොගත් රෝගයකට ගොදුරු වෙයි

කෙන්යාවේ පාසල් සිසුවියන් රැසක් හඳුනානොගත් රෝගයකට ගොදුරු වෙයි

කෙන්යාවේ පාසල් සිසුවියන් 90කට වැඩි පිරිසක් හඳුනානොගත් රෝගයකට ගොදුරු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

පාසල් සිසුන් 90කට වැඩි පිරිසක් විවිධ රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි කෙන්යාවේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ

තවමත් මෙම හඳුනාගෙන නොමැති රෝගය පිළිබඳව විමර්ශනය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

බටහිර කෙන්යාවේ Eregi බාලිකා උසස් පාසලේ සිසුන්ට දණහිසේ වේදනාවත් සහිත රෝග ලක්ෂණ ඇතිව ඇති අතර ඇවිදීමට අපහසු වී තිබෙනවා

එරට අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කර ඇත්තේ තත්ත්වය පාලනය කර ඇති බවයි.

සිසුන්ගේ රුධිරය සහ මළ මූත්‍රා සාම්පල කිසුමු නගරයට සහ නයිරෝබි අගනුවර රසායනාගාර වෙත යවා ඇති අතර ඒවායේ ප්‍රතිඵල මත රෝගයට හේතුව නිශ්චය කෙරෙනු ඇති බවයි පැවසෙන්නේ

Share This