කෙන්යාවේ හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටේ – 8ක් මරුට

කෙන්යාවේ හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටේ – 8ක් මරුට

කෙන්යාවේ හමුදා හෙලිකොප්ටරයක් ලාමු වෙරළබඩ ප්‍රාන්තයේ මුර සංචාරයේ යෙදී සිටියදී කඩා වැටීමෙන් එහි සිටි සියලුම කාර්යය මණ්ඩලය මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා .

එය සෝමාලියා දේශසීමාවේ පිහිටි Boni වනාන්තරයට කඩා වැටී ඇති අතර සෝමාලියානු සටන්කාමී කණ්ඩායමක් වන අල්-ෂබාබ් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ

කෙසේවෙතත් හෙලිකොප්ටරයේ සිටි සියලුම හමුදා නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයේ 8දෙනාම මිය ගිය බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

අනතුරට හේතුව සොයා බැලීම සඳහා පරීක්ෂණ කණ්ඩායමක් Boni වනාන්තරය පිහිටි ස්ථානයට යවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This