කෙහෙලියගේ ජී.අයි. බට නඩුවත් කල් යයි

කෙහෙලියගේ ජී.අයි. බට නඩුවත් කල් යයි

2015 වසරේ ජනාධිපතිවරණය සමයේදී දේශපාලන ක්‍රියාකාරකම් සඳහා රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට චෝදනා එල්ල වූ එවක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු තුන්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ඊයේ (28) කැඳවනු ලැබුවා.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් නව ලක්‍ෂ අනූ දහසක් වැයකර දේශපාලන කටයුතු සඳහා ජී.අයි. පයිප්ප බට 600ක් මිලදීගෙන රජයට පාඩුවක් සිදු කිරීම ඔහුට එල්ල වී තිබූ චෝදනාවයි.

ඔවුන් අදාළ නඩුව සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව දැනට ඇප මත මුදාහැර සිටිනවා.

Share This