
කේරළයට ඔබ්බෙන් මුහුදේ දී අනතුරට පත් නැව් දෙකකින් අපේ වෙරළට බලපෑම්
කේරළයට ඔබ්බෙන් මුහුදේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අනතුරට ලක් වීම හේතුවෙන් මෙරට වෙරළ තීරයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.
එම අධිකාරිව පැවසුවේ මේ හේතුවෙන් ඩෙල්ෆ් ආශ්‍රිත මුහුදු තීරයට දැඩි අවධානමක් මතුව ඇති බවයි.
සිංගප්පූරු ධඡය සහිත MV Wan Hai 503 නැමති නෞකාව පසුගියදා කොළඹ වරායේ සිට ඉන්දියාවේ මුම්බායි වෙත ගමන් තරමින් සිටින අතරතුර කේරළයේ බෙයිපෝර් වෙරළේ සිට නාවික සැතපුම් 88 ක් පමණ දුරින් ගිනි ගැනීමකට ලක් වුණා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අඩි 890 ක් දිගින් යුතු මෙම නෞකාවේ ඉන්ධන මෙට්‍රික් ටොන් 2128 ක් සහ අන්තරායක කර බහළුම් සිය ගණනක් රැගෙන ගොස් ඇති බවටයි .
මැයි 25 වැනිදා හටගත් මෙම ගින්න තවමත් සම්පූර්ණයෙන් නිවා දමා නොමැති බැවින් තත්ත්වය බරපතලව පවතින බව ද එම වාර්තා සඳහන් කළා.
එමෙන්ම මෙහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 22 නාගෙන් 18 දෙනෙකු බේරා ගෙන ඇති අතර සිව්දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
මේ අතර පසුගිය මැයි 25 වැනිදා කේරළයට ඔබ්බෙන් මුහුදු තීරයේදී ලයිබීරියා ජාතික කොඩිය සහිත භාණ්ඩ නෞකාවක් අනතුරට ලක් වීම හේතුවෙන් මෙරට වෙරළ තීරයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසුවේ මේ වන විට මෙරට සමුද්‍ර තීරයට එක්වී තිබෙන අපද්‍රව්‍ය හේතුවෙන් සිදුව ඇති පරිසර හානිය කොපමණ දැයි කිව නොහැකි බවයි.
2021 මැයි 19 වැනිදා ද කටාර් රාජ්‍යයෙන් ගමන් ආරම්භ කළ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් මෙරට මුහුදු තීරයන්ට දැඩි බලපෑම් එල්ල වුණා.